2021 වසරේ සිට 30,000ක් පමණ සෙබළුන් ත්‍රිවිධ හමුදාව හැර ගොස් ඇති බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) ඊයේ අනාවරණය විය.
හමුදාවට ආහාර සපයන්නන්ගේ හිඟ ගෙවීම් පියවීම සඳහා යොදා ගැනීමට නියමිත රුපියල් බිලියන 16.5 ක පරිපූරක ඇස්තමේන්තුව භාරගත් අවස්ථාවේදී මේ බව අනාවරණය විය.
COPF රැස්වීමට සහභාගී වූ ආරක්ෂක හමුදා නිලධාරීන් දන්වා සිටියේ එක් ආරක්ෂක අංශ සාමාජිකයෙකුට දිනකට කැලරි 3400 ක් ලබා දිය හැකි ආහාර අවශ්‍ය බවයි. ආරක්ෂක අංශවලට අවශ්‍ය පෝෂණය සැපයීම සඳහා ආහාර මිලදී ගැනීම අපහසු බව ඔවුන් COPF වෙත දන්වා තිබුණි. COPF ප්‍රධානී හර්ෂ ද සිල්වා එම අරමුදල් ඵලදායි ලෙස භාවිතා කරන බවට සහතික විය යුතු බව අවධාරණය කළේය.
අල්ලස් කොමිසමේ සභාපතිවරයාගේ වැටුප් වැඩිවීමක් ද COPF විසින් අනුමත කරන ලදී. කෙසේ වෙතත්, අල්ලස් කොමිසමේ සභාපතිවරයාට ගෙවන වැටුප අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වැටුපට සමාන විය යුතු බව ආචාර්ය ද සිල්වා මහතා පැවසීය.
ඊට අමතරව රජයට අවම පාඩුවක් සහිතව නිෂ්කාශනය නොකළ වාහන 263ක් නිදහස් කළ හැකි ක්‍රියා පටිපාටියක් සකස් කරන ලෙස COPF විසින් රේගුවෙන් ඉල්ලා සිටියේය.