භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන එරෙහිව අධිකරණයට අපහාස කළ බවට ගොනු කර තිබූ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව පළාත් පාලන මැතිවරණයට අදාළ මුදල් නිකුත් කිරීමට භාණ්ඩාගාර ලේකම්වරයා අපොහොසත් වූ බවත්, එය අධිකරණ නියෝගය නොසලකා හැරීමක් බවත් චෝදනා කරමින් සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් මෙම අයදුම්පත් ගොනු කර තිබුණි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ බුවනක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් කේ මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම නඩු නිෂ්ප්‍රභ කළේ භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබූ විරෝධතාවක් මත ය.
මීට පෙර අවස්ථාවක භාණ්ඩාගාර ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ එරාජ් ද සිල්වා තර්ක කළේ මුදල් අමාත්‍යවරයාගේ නියෝගයකින් තොරව මුදල් නිකුත් කිරීමට භාණ්ඩාගාර ලේකම්වරයාට ව්‍යවස්ථාපිත බලයක් නොමැති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(1) සහ (2) වගන්තිවලට අනුව ඒකාබද්ධ අරමුදල්වලින් මුදල් නිදහස් කිරීමට ඇමැතිවරයාගෙන් නියෝගයක් අවශ්‍ය වේ.
ජනාධිපති නීතීඥ ජෙෆ්රි අලගරත්නම්, නීතිඥ සුරේන් ප්‍රනාන්දු සහ උපුල් කුමාරප්පෙරුම යන නීතීඥවරු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.
ජ්‍යෙෂ්ඨ නීතිඥ එරාජ් ද සිල්වා, දමින්ද විජේරත්න, ජනගන් සුන්දරමූර්ති සහ එන්.කේ. දිනේෂ් විදානපතිරණගේ උපදෙස් මත නීතීඥ අශෝක් භාරන් භාණ්ඩාගාර ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටියේය.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව, රාජ්‍ය මූල්‍ය සම්බන්ධ කරුණු විභාග කිරීමට අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට වගඋත්තරකාර පාර්ශවය නගන ලද විරෝධතාවක කිසිදු යෝග්‍යතාවයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.