බීමතින් වාහන පදවා අත්අඩංගුවට ගන්නා එක් රියදුරකු වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට රුපියල් 5,000 ක දිරි දීමනාවක් ගෙවීම මේවන විටත් අරඹා ඇතැයි රථවාහන පරිපාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පැවසීය
නියමු ව්‍යාපෘතියක් ලෙසින් එය මේ මාසයේ සිට වසර අවසානය දක්වා වන මාස 3ක කාලය තුළ ක්‍රියාත්මක කෙරෙන බව ඔහු වැඩි දුරටත් පැවසීය .
බීමත් පුද්ගලයන් නිසා සිදුවන අනතුරු වළක්වා ගැනීමට පොලිස්පතිවරයාගේ නිර්දේශ අනුව මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත. බීමත් රියදුරන් හඳුනා ගැනීම පිණිස අදාළ උපකරණ 180,000ක් මේ වන විටත් පොලිස් ස්ථානවලට ලබා දී ඇති අතර පොලිස් නිලධාරීන්ට ලබා දෙන විශේෂ දීමනාව නිසා එම නිලධාරීන්ද වැඩි උනන්දුවකින් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළා.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් බීමත් බව තහවුරු වීමෙන් පසු අනිවාර්යෙන්ම අධිකරණයට පමුණුවා දඩ ගැසීම සිදු කරනු ලබනවා. පසුගිය 2022 වසරේ පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවන ලද බීමත් රියදුරන් සංඛ්‍යාව 25,038කි. එහි සාමාන්‍ය අගය දිනකට බීමත් රියදුරන් 70ක් බවත්, එම බීමත් රියදුරන්ගෙන් අය කර ගන්නා ලද දඩමුදල රුපියල් මිලියන 622ක් බවත් වාර්තාවේ.