ශ්‍රි ලාංකිකයන් රැසක් හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගනී

ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු හමාස් සංවිධානය ප්‍රාණ ඇප කරුවන් ලෙස රඳවාගෙන සිටිනාබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ පිළිබඳ අදහස් දක්වමින් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසූවේ හමාස් සංවිධානය රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් අතර ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය ජාතිකයන් පිරිසක් සිටිනා බවට තොරතුරු තමන් වෙතද ලැබී ඇති බවයි.

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 150ක් පමණ පිරිස අතර මෙම ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් 36 ක විදේශකයන් ද සිටින බව විශ්වාස කළ හැකි බවත් ඔහු පැවසීය.

ගාසා තීරය උතුරේ සිටි ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු එහි දකුණු කොටස දක්වා ගමන් කරමින් සිටින බවටද තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් අනෙකුත් පිරිස් සමග එක්ව ඊජිප්තුව වෙත ගමන් කරමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *