කඳාන ප්‍රදේශයේ දී 19 පිරිදි තරුණියකටතරුණියකට අමානුෂිකව පහරදුන් අඹු සැමි යුවලක් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට වැලිසර වැඩබලන මහේස්ත්‍රාත්වරිය ඊයේ (15) නියෝග කළාය.
සේවා ස්ථානයේ දී සිදු වූ පහර දීමට අදාල සීසීටීවී දර්ශන සමාජ මාධ්‍යයෙහි සංසරණය වීමෙන් අනතුරුව කඳාන පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ ඇප නියම කරනු ලැබිණි.
සැකකාර යුවළ මෙම තරුණියට අතින් පයින් හා පුටු වලින් පහර දෙන අයුරු සටහන් වූ video වීඩියෝ සමාජ මාධ්‍යයෙහි සංසරණය වූ අතර පොලිසිය ඒ අනුව විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ කඳාන ආනියාකන්ද ප්‍රදේශයේදීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ බෙදා හැරීමේ නිරත පෞද්ගලික ආයතනයක හිමිකරු හා ඔහුගේ බිරිඳ බවට පොලිසිය පවසයි.
මෙහිදී පහරකෑමට ලක්ව ඇත්තේ මට්ටක්කුලිය ශාන්ත මරියා පටුමගේ පදිංචි දහනව හැවිරිදි තරුණියකි. මෙහෙයුම් නිලධාරිනියක ලෙස ආයතනයේ සේවය කළ තරුණියට පහරදුන් සැකකරුවන් ඇගේ ඥාතීන් බවට පොලිසියේ කියයි. සේවා සැපයීමේ ප්‍රශ්නයක් මත සැකකාරයො වල තරුණියට පහර දී ඇතැයි පොලිසිය කියයි.