ඇල්ල දෙමෝදර ආරුක්කු නවය පාලම මතදී තරුණ යුවළක් දුම්රියේ ගැටී ඇත. මෙසේ අනතුරට පත්ව ඇත්තේ නයින් ආර්ච් පාලම නැරඹීමට පැමිණ සිටි තරුණයෙකු සහ තරුණියකි.
අනතුරට ලක්ව ඇති තරුණයා 21 හැවිරිදි වියේ පසුවන බවත් තරුණිය 18 හැවිරිදි වියේ පසුවන බවත් වාර්තා වේ.
දුම්රිය පැමිණෙන අවස්ථාවේ බිංගෙය අසල ඔවුන්ට ඉන් ඉවත්වීමට ඉඩ නොමැති වීමෙන් මෙම අනතුරට මුහුණ දී ඇත. තුවාල ලැබූ යුවල බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.