ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙලේ සහ ලෝක බැංකුවේ 2023 වාර්ෂික රැස්වීම්වලට සහභාගී වීම සඳහා මොරොක්කෝවට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ගෝලීය සංවිධාන කිහිපයක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
ඒ අනුව මුදල් රාජ්‍ය මාත්‍යවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් සමඟ ණය කළමනාකරණය, දූෂණ විරෝධී සහ රජයේ කාර්ය සාධන කළමනාකරණය සඳහා වන රාමු ඇතුළු අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ කරුණු සාකච්ඡා පැවැත්විය. එහිදී පොදුරාජ්‍ය මණ්ඩළීය මහලේකම්වරිය ශ්‍රී ලංකාවර සිය අඛණඩ සහය පලකර සිටියාය.
රාජ්‍ය අමාත්‍යවරයා ලෝක බැංකුවේ දකුණු ආසියානු කළාපය සඳහා වන උප සභාපති මාර්ටින් රයිසර් සමඟ ද ඵලදායී සංවාදයක් පැවැත්වූ බව සිය X ගිණුමේ (කලින් ට්විටර්)
සඳහන් කර ඇත. ලෝක බැංකුවේ සහය ඇතිව ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලද ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙම රැස්වීම අවධානය යොමු වූ බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂ පරමේෂ්වරන් අයියර් සමඟ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ච පවත්වා ඇති අතර එහිදී ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ සාකච්චා කරන ලද බව වාර්තාවේ. එමෙන්ම එහිදී ආර්ථික ස්ථායිතාව සහ ප්‍රතිසංස්කරණ සඳහා ලෝක බැංකුව ලබා දෙන සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාව සිය කෘතඥතාව පළ කර ඇත.
IMD හි විධායක අධ්යක්ෂ K. සුබ්‍රමනියම් සහ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අතර පැවති සාකච්චාවේදී ශ්‍රී ලංකාව සඳහා IMF හි විස්තීරණ අරමුදල් පහසුකමේ (EFF) ප්‍රගතිය සහ දිවයිනේ ආර්ථිකය මුහුණ දෙන අභියෝග සහ අවස්ථාවන් ඇතුළු වත්මන් ආර්ථික තත්ත්වයන් අවධානය යොමුව ඇත.