“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියලා පැරණි කියමනක් තිබුනට, එක් දේකට විතරක් නෙවෙයි ගොඩක් දේවල් වලට සමත්කම් දක්වන අය අපට සමාජයේ ඉඳහිට හෝ හමු වුන අවස්ථා තියෙනවා. අපි අද අපේ පිළිසඳරට එකතු කරගත්තේ ඒ වගේ කෙනෙක්. ක්‍රීඩාවට, අධ්‍යාපනයට සහ නර්තනයට සහ නිරූපණ ක්ෂේත්රයට දක්ෂතා තියෙන සුරූපීය යුවතියක් තමයි අශානි නවෝද්‍යා කියන්නේ. ඉතින් අපි එයත් එක්ක කතා කරල බලමු.
- අශානි ඔයාගේ විස්තර ටිකක් කියන්නකො මුලින්ම
මම D.G අශානි නවෝද්‍යා. මාතර තෙලිජ්ජවිල තමයි පදිංචි වෙලා ඉන්නේ. මට තවම අවුරුදු 19යි. කලා විෂය ධාරාව යටතේ 2024 ජනවාරි වල තියෙන උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මේ දවස් වල සූදානම් වෙනවා.
- තවමත් අධ්‍යාපනය ලබන කෙනෙක් හැටියට නිරූපණ ක්ෂේත්රයට එන්න ඔබට අවස්ථාව ලැබුණේ කොහොමද?
ඇත්තටම ඒකනම් නම් හරිම සුන්දර අහඹු අවස්ථාවක්, මට හරි සමීප ආදරණීය මිතුරියක් හිටියා. ඇයගේ පෙම්වතා ෆොටෝග්‍රැෆර් කෙනෙක්. ඉතින් ඔහු දවසක් මාව දැකලා පොටෝශූට් එකකට එන්න පුලුවන්ද කියලා ආරාධනා කළා. ඉතිං අපි ලස්සන පොටෝශූට් එකක් කලා. ඒකෙදි ගත්ත ඡායාරූප කිහිපයක් viral වෙලා තමයි මට තවත් මියුසික් වීඩියෝ සහ පොටෝශූට් කීපයකටම ආරාධනා ලැබුණේ. ඉතින් ඒ විදිහට තමයි මම ගමන පටන් ගත්තේ.
- ගෙදරින් බලපෑම කොහොමද ඔබ අධ්‍යාපනය අතරතුර මොඩ්ලින් වලට එන එක ගැන.
ගෙදරින් ලොකු කැමැත්තක් නැහැ. නමුත් අකමැත්තකුත් නැහැ. මම වැඩක් කරලා පෙන්නුවාම ඒක දැකලා එයාල සතුටු වෙනවා.
- ඔබ ඔබේ අනාගතය සැලසුම් කරලා තියෙන්නේ කොහොමද?
මට තාම අවුරුදු 19ක් නිසා ජීවිතේ හතරෙන් එකක් වත් තාම ගෙවිල නෑ. ඒ නිසා මුලින්ම මම හොඳට ඉගෙන ගන්න ඕන. උපාධියක් දක්වා අධ්‍යාපනය ලබන්න ආසයි.
ඒ අතරතුර මොඩ්ලින් කරලා රංගනයට එකතු වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ජනප්‍රිය වෙන්න අපි හැමෝම කැමතියි නේ. මම ආසයි දක්ෂ නිළියක් වෙන්න. හරියට යශෝධා විමලධර්ම වගේ. ” එයා පට්ටයි”.
- ඔබට ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණොත් ඔබ රඟපාන්න කැමතිම නළුවා කවුද?
එහෙම ලොකු අදහසක් නැහැ. ධනුක දිල්ශාන් එක්ක රඟපාන්න කැමතියි. එයාගෙ රඟපෑම් හොඳයි හරිම ජීවමානයි. අනුහස්ල වගේ “පවුඩර් බබ්බු” වගේ චරිත වලට මම ආස නැහැ. සමහර අයට මේකප් නැතුව කැමරාව ඉදිරියට එන්න වත් කැමැත්තක් නැහැ නේ.
- ඒ කියන්නේ ඔබ fantasy ටෙලි ඩ්‍රාමා වලට කැමති නැද්ද?
ඇත්තටම නැහැ. සමහර ටෙලි ඩ්‍රාමා තියෙනවා colourful වැඩියි. නලු නිලියො මේකප් නාගෙන. කිසිම යථාර්ථවත් නැති දෙබස් සහ අවස්ථා ගොඩක් තියෙන ටෙලි ඩ්‍රාමා වලට මම කැමති නැහැ.
මම කැමතිම යථාර්ථය නිරූපණය කරන, රඟපානවා කියලා තේරෙන්නේ නැති තරම් ජීවමානව චරිත නිරූපණය කරලා ප්‍රේක්ෂකයන්ව රසවින්දනයට එකතු කරගන්න ටෙලි ඩ්‍රාමා වලටයි.
- ඔබ කැමතිම ටෙලි ඩ්‍රාමා වලට උදාහරණ කියන්න කැමතිද?
ඇත්තෙන්ම ඔව්. වටිනා නිර්මාණයකට වටිනාකමක් දෙන්න මම කැමැතියි. කූඹියෝ, තණමල්විල කොල්ලෙක්, කොඩි ගහ යට, පාර දිගේ වගේ ටෙලි ඩ්‍රාමා වලට මම කැමතියි.
- අපට අහන්න ලැබුණු විදියට ඔබට හැකියාවන් ගොඩත් තියෙන තරුණියක්. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
ඇත්තෙන්ම නිරූපණයට සහ රංගනයට අමතරව මට නර්තනයට සහ ගායනයට හැකියාව තියෙනවා. මම පාසලේදී වගේම දහම් පාසලේ දීත් පද්‍ය ගායනා තරග වලට සහභාගි වෙලා ජයග්‍රහණ අරගෙන තියෙනවා. ඒ වගේම තමයි මම ක්‍රීඩාවටත් කැමතියි.
- ඔබේ ක්‍රීඩා හැකියාව ගැනත් අපිට විස්තර ටිකක් කියන්නකො.
මම කෙටිදුර 100 m, යග්ගුලිය විසිකිරීම,සහ හෙල්ල විසිකිරීම වගේ ඒකල තරග වලින් පාසල්, දිස්ත්‍රික්ක සහ පළාත් මට මෙන් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. 2017 වර්ෂයේ සමස්ත ලංකා යග්ගුලිය විසි කිරීමේ තරගයෙන් දෙවන ස්ථානය ලැබුවා.
- මොඩ්ලින් එන් වලින් ඉදිරියටම ගිහින් මිස් ශ්‍රී ලංකා වගේ තරඟ වලට යන්න කැමතිද?
මම තාම මොඩ්ලින් පටන් ගත්තා විතරයි. ඒ නිසා තවම එච්චර හිතලා නැහැ. සුදුසුකම් හදාගෙන ඉදිරියේදී පැජන්ට් වලට සහභාගි වෙන්න කැමතියි.
- ඔබ නිරූපන ක්ෂේත්රයේ රැඳිලා ඉන්න ඕනම දෙයක් කරන්න ලෑස්තිද?
ඇත්තෙන්ම නැහැ. ෆීල්ඩ් එකේ ඉන්න ඕන කියලා hot shoot කරන්නේ නැහැ.
- Hot shoot වලට ඔබ අකමැති වෙන්න විශේෂ හේතුවක් තියෙනවාද?
මම ඒකට පුද්ගලිකව කැමති නැහැ. මේ වෘත්තියට අනුව නිරුවත නරක දෙයක් නෙවෙයි. ලොවක් මවිත කරන සීගිරි බිතුසිතුවම් පවා ලස්සනට තියෙන්නේ නිරුවත නිසයි. සමාජය මොන විදියට ඒ දේවල් වෙන් කරත් නිරුවතත් කලාවක් තමයි බලන මිනිස්සුන්ට අනුව.
- ඔබ ඉන්නේ මාතර තෙලිජ්ජවිල. මේ වගේ පිටිසර පළාතකින් මොඩ්ලින් වලට එද්දී ඔබට නරක ප්‍රතිචාරයක් ලැබුණොත් මොකක්ද ඒ ගැන හිතන්නේ.
ඕනම කෙනෙක්ට අපහාස එනවා. ගොඩක් වෙලාවට නරක ප්‍රතිචාර ලබා දෙන්නේ දක්ෂ අයට දක්ෂ අයට ලං වෙන්නවත් බැරි අය විසිනුයි. පිරිමි නම් අපිව ලබාගන්න බැරි කමට අපහාස කරන්න පුළුවන්. කාන්තා පාර්ශ්වය නම් තවත් ගැහැනියකට ඊර්ෂ්‍යා කිරීම ස්වභාවික දෙයක් නේ. ඒ නිසා මම කරන්නේ නිවැරදි දෙයක් නම් මොන අපහාස ආවත් ඉස්සරහට යන්න හිත හදාගන්න මට පුළුවන්.
- නිරූපණ ක්ෂේත්රයට හතු පිපෙනවා වගේ ගොඩක් අය එනවා යනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?
ඇත්තටම නිවැරදි ගමනක් යනවා නම් ක්ෂේත්රයට එන්න ලොකු කාලයක් යනවා. දක්ෂතා හදාගෙන පුහුණුවීම් කරලා වැඩ කරන්න එන්න ඕන. නමුත් සමාජය ගොඩක් අය වෙනත් වෙනත් ක්‍රම වලින් ඉදිරියට එන්න හදනවා. එහෙම ආපු අයත් නැතිවාම නොවේයි. එක රැයින් ජනප්‍රිය වෙන එක නම් මම අනුමත කරන්නේ නැහැ.
පහුගිය කාලේ ජනප්‍රිය ගායිකාවක් එකපාරටම ඉදිරියට ආවා. ජනප්‍රිය වුණා. ඒත් දැන් එයා හොයාගන්නවත් නෑ. ඒත් නන්දා මාලනී, මාලනී ෆොන්සේකා, විජය කුමාරතුංග වගේ චරිත වල නම් රන් අකුරින් ලියැවෙනවා. එවිට වටිනාකම වැඩියි.
- තරුණ නිරූපණ ශිල්පිනියක් විදියට ආදරේ ගැන මොකද හිතෙන්නේ.
ඒක ලොකු මාතෘකාවක්. මට තවම අත්දැකීමක් නම් නැහැ. නමුත් ආදරේ ගැන ටිකක් තේරෙනවා. කවුරු මොන විදිහට අපේ ජීවිතවලට ආවත්, අවසානය වෙනකන් ඉන්නේ අම්මයි තාත්තයි විතරයි.
- ඔබට පෙම්වතෙක් තවමත් නැති වුණාට, කවදහරි ඔබ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ සුදුසුකම් තියෙන පෙම්වතෙක්ද
මගේ ගමනට සහ හීන වලට බාධාවක් නොවන සහ මට ආදරණීය කෙනෙක් වෙන්න ඕන. නමුත් හම්බකරන්න උවමනාව තියෙන්න ඕන. මාත් එක්ක සමගියෙන් ජීවිතේ බෙදාගන්න ඕන.