ආසියානු ක්‍රීඩා උළෙලේදී තරුෂි කරුණාරත්න ශ්‍රී ලංකාවේ පළමු රන් පදක්කම දිනා ගනී

චීනයේ Hangzhou හි පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සමත් වූවාය.

ඇය රන් පදක්කම දිනා ගැනීමට මිනිත්තු 2 යි දශම 3 යි තත්පර 2 ක කාලයක් වාර්තා කළාය.

මෙය ආසියානු ක්‍රීඩා උළෙලකදී මීටර් 800 ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලැබූ පළමු පදක්කමයි.

ඉන්දියාව රිදී පදක්කම දිනාගත් අතර චීනය ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය.

2002 වසරෙන් පසු අසේන් ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා ඉසව්වෙන් ලබාගත් පළමු රන් පදක්කමද මෙයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *