විපක්ෂ නායකගේ මව මදුරු කොයිල් දෙකක් ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලලා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පොදුජන පෙරමුණෙ මන්ත්‍රීවරු පිරිසක් ඇමරිකානු සංචාරයක යෙදීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නගනා චෝදනාවට එම සංචාරයට එක්වූ පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ පාර්ලිමේන්තුවේදී අද පිළිතුරු දුන්නේය.

විපක්ෂනායකවරයා රජයේ මුදල් භාවිත කිරිම පිළිබඳ තම ඇතුළු මන්ත්‍රිවරුනට චෝදනා කළද ඔහුගේ මව වන හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මදුරු කොයිල් එක පවා ලබාගන්නේ මහජන මුදලින් බව ඔහු එහිදී පැවසීය . වැඩි දුරටත් කරුණු දැක්වූ මන්ත්‍රීවරයා පැවසූවේ මදුරු කොයිල්, නිල් පාට පෑන් 2ක්, ගම් බෝතල්, හාෆ් ෂීට්, ෆයිල් කවරද විපක්ෂ නායකවරයාගේ මව විසින් ඉල්ලා ඇති බවය .

ජනාධිපති කාර්යාලයේ ගණකාධිකාරීවරියට ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපති ආර්යාව මෙම භාණ්ඩ ඉල්ලා ඇතිබව පැවසූ මන්ත්‍රීවරයා එම ලිපිය පාර්ලිමේන්තුවේ සභා ගත කරන බවද පැවසීය. හිටපු

රට හදන්න කතා කරන්න පෙර වැදූ මවට මදුරු කොයිල් එකක් ගෙනිහින් දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටින බවද මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *