රන් මිල පහළට

මෙරට රත්‍රං වෙළඳපලෙහි මිල ගණන් පහළ ගොස් බව වාර්තා වේ.

ඒ අනුව අද (03) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 153,000 ක් දක්වා පහළ ගොස් තිබේ.

පසුගිය සතියේ අඟහරුවාදා දිනයේ දී එය දැක්වුණේ රු. 156,800ක් ලෙසය.

මේ අතර පසුගිය අඟහරුවාදා රු. 169,500ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 165,500ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ මිල දර්ශකය සඳහන් වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *