MCC ක්‍රිකට් කමිටුවේ සභාපති ධූරය කුමාර් සංගක්කාරට

හිටපු එංගලන්ත කණ්ඩායම් නායක මයික් ගැටින් විසින් වසර හයක් පුරා ඉසිලූ MCC ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති තනතුර සඳහා, ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත් කර ඇත.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත්කරනා Marylebone Cricket Club පවසනුයේ සෞරව් ගංගුලි, හීදර් නයිට්, ජස්ටින් ලැන්ගර්, ඉයන් මෝගන් සහ ග්‍රේම් ස්මිත් ඇතුළු අනෙකුත් සුවිශේෂී ක්‍රිකට් ක්‍රීඩකයින් එම කණ්ඩායමට ඇතුළත් බවයි.

කුමාර් සංගක්කාර 2019-2021 කාලයේ MCC හි සභාපති ධූරය හොබවන ලදි. ඔහු නුදුරු දිනයක නව ධුරයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *