ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනූ රිදී පදක්කම පැයක් ඇතුළත අහිමි වෙයි.

චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400X4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව දිනාගත් රිදී පදක්කම පැයක් යන්නටත් පෙර අහිමිකිරීමට ආසියානු ක්‍රීඩා උළෙලේ තාක්‍ෂණික කමිටුව තීරණය කර තිබේ. ඊට හේතුව එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නීති විරෝධී ධාවනයක යෙදුණු බව තාක්‍ෂණික කමිටුව සඳහන් කරයි.

ඒ අනුව එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා සිටි ඉන්දියාවට රිදී පදක්කම ද, සිවුවැනි ස්ථානයට පත්වූ කසකස්තානයට ලෝකඩ පදක්කම ද, හිමිවිය. එහි රන් පදක්කම බාහරේනයට හිමි විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *