ස.ජ.බ. මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂකයෙක් ගංජා කිලෝ 810 සමග අත් අඩංගුවට.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇමති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන ලද පුද්ගලයෙක් හා බිබිල ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයන් දෙදෙනෙකි.

මෙම කණ්ඩායම මාළිගාවිල සිට ඔක්කම්පිටිය දක්වා ගංජා ප්‍රවාහනය කරනා බවට ලද තොරතුරක් මත වැටලීම සිදු කර ඇත. ඔවුන් සතුව තිබී ගංජා කිලෝ 810ක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *