ගෙළ කපා මරා දැමූ යුධ හමුදා මනෝ උපදෙශිකාවගේ සිරුර ලැඟුම්හලකින් හමුවේ.

යුධ හමුදාවේ සහ පොලීසියේ නිළධාරීන්ට මනෝ උපදේශණ පැවැත්වූ සුජාතා මානාභරණ නම් මනෝ උපදේශිකාවගේ මළ සිරුර තලංගම ප්‍රදේශයේ ලැගුම්හලකින් හමුවූ බව පොලිස් ආරංචිමාර්ග පවසයි .

තියුණු ආයුධයකින් ගෙල කපා ඇගෙ මරණය සිදුකර ඇතිබව පොලිසිය සැක කරයි. මියගිය මනෝ උපදේශිකාව පිරිමි පුද්ගලයකු සමඟ ඉකුත් 26 වෙනි දින මෙම ලැගුම් හලට පැමිණ ඇති ඇය දින ගණනාවක්ම එහි රැඳී සිටි බව කියැවේ. ඇය සමඟ ලැගුම්හලට පැමිණි පුද්ගලයා පසුගිය 03දා ලැගුම්හලින් පිටතට ගොස් රාත්‍රී යළිත් පැමිණ , යළිත් පිටතට ගොස් ඇතිමුත් කිසිවෙකු ඒ ගැන නිරීක්ෂණය කර නැත.

බොහෝ වේලාවක් කාන්තාව පෙනෙන්නට නොසිටී නිසා ලැගුම්හලේ සේවකයන් විසින් කාමරයේ දොර කඩා බැලීමේදී කාන්තාව කාමරේ මරාදමා සිටිනු දැක ඇත. මෙම කාන්තාව
ලැගුම්හලට පැමිනීමේදී ලබාදී ඇති හැඳුනුම් පත් අංකය ව්‍යාජ එකක් බැවින් ඇය හඳුනාගැනීම අසීරුවූ බව පොලිසිය පවසයි.

පොලිසියට සහ යුධ හමුදාවට මෙම කාන්තාව විසින් ලබාදුන් උපදේශන සේවා පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා කිහිපයක් ඇය ලැගුම් ගෙන සිටි ලැගුම්හලේ කාමරේ තිබී පොලිසිය මඟින් සොයාගෙන ඇත. ඒ තොරතුරු ඔස්සේ ඝාතනයට ලක්ව ඇත්තේ 53 වන වියේ පසුවන සුජාතා මානාභරණ නැමති කාන්තාවක බවට හඳුනාගෙන තිබේ.

මෙම කාන්තාව එල්.ටී.ටී.ඊ.යට එරෙහි අවසන් සටනේ දී සටන් කළ සෙබළුන් වෙනුවෙන් මනෝ උපදේශන පුහුණු කඳවුරු පවත්වා ඇත. ඇය සමග ලැගුම් හලට පැමිණි පුද්ගලයා ඇය මරාදමා පලායන්නට ඇති බව පොලිසිය සැක කරයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *