චන්න ජයසුමන නිල නිවසෙන් එලියට

රජයේ නිල නිවාසයේ බලෙන් රැඳී සිටි බව කියන හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන එකී නිල නිවසෙන් නෙරපා හැරීමට, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝගයක් නිකුත් කොට ඇති බව වාර්තා වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබූ අතර, එය සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළ බව වාර්තා වේ.

විත්තිකරු අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසුවත් නිල නිවසේ රැඳී සිටින බවත්, ඔහුට ඉන් ඉවත් වීමේ නියෝගයක් පනවන ලෙසත් ඉල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

නඩුවට අදාළ කරුණු අධිකරණය හමුවේ තහවුරු කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා නිල නිවසෙන් නෙරපීමේ නියෝගය අධිකරණය විසින් නිකුත් කළ බව සඳහන් වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *