ඉදිරි මාස තුනටත් බිත්තර ආනයනය කිරීමට සැරසෙයි

බිත්තර ආනයන සඳහා ඉදිරි මාස 03ට අවසර හිමිව ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර ප්‍රකාශ කළේය.

බිත්තර ආනයනය හරහා වෙළෙඳපොළේ පැවති බිත්තර හිඟය පාලනය කිරීමට හැකි වූ බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වශයෙන් දෛනිකව අවශ්‍ය බිත්තර මිලියනයක අවශ්‍යතාව සඳහා බිත්තර ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කර සිටියේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *