විද්‍යුත් විකාශන නියාමන අධිකාරී පනත පිළිබඳ සාකච්චාවක් 8 වැනිදා.

යෝජිත විද්‍යුත් විකාශන නියාමන අධිකාරී පනත පිළිබඳ සාකච්චාවක් එළබෙන 8 වන අඟහරුවාදා සවස 3 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයෙදී පැවැත්වෙයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන මෙම සාකච්චාවේදී කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකකාර, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය රොහාන් සමරජීව, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ විධයක අධ්‍යක්ෂ කුමාර් ලෝපස්, ශ්‍රිලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සභාපති අසංග ජයසූරිය, මාධ්‍යනීතිම්සංසදයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නීතීඥ ප්‍රබෝධ රත්නායක, නීතීඥ මනුෂිකා කුරේ ඇතුළු පිරිසක් අදහස් දක්වීමට නියමිතය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *