අක්ෂි සැත්කම්වලින් පසුව දුන් ඖෂධවල සංකූලතා සෙවීමේ පරීක්ෂණ අරඹයි

අක්ෂි සැත්කම් සිදුකිරීමෙන් පසු භාවිතා කළ ඖෂධයකින් සංකූලතා ඇති වුවේ යැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් වාර්ථාවක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් ආර්.එම්.එස්.කේ රත්නායක ප්‍රකාශ කරයි.

නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට, ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන කමිටුව පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය.

“පසුගිය දා ශල්‍යකර්මයට භාජනය වූ ඇස් රෝගීන් පිරිසකගේ පෙනීම දුර්වලවීමක් සහ පෙනීම නැතිවීමක් වාර්තා වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදුන්න ඖෂධයක් සම්බන්ධයෙන් මේ ගැටලුව පැන නැගුණා. ඒ අනුව සෞඛ්‍ය ලේකම්තුමා මේ සඳහා 10 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත්කරලා තියෙනවා. ඒ කමිටුවේ කාර්ය තමා ලංකාවේ මෙම බෙහෙත පාවිච්චි කරපු රෝහල්වල සංකූලතා ඇතිවුණ තත්ත්වය සම්පූර්ණයෙන්ම විශ්ලේෂණය කරලා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සෞඛ්‍ය ලේකම්තුමාට භාරදීම. අපි මේ වෙනවිට සම්පූර්ණ කටයුතු සම්බන්ධයෙන් ලබාදීලා තියෙන ඖෂධය සම්බන්ධයෙන් ඒ වගේම ඖෂධය ගෙන්නපු ආයතනය සම්බන්ධයෙන්, ඖෂධය පාවිච්චි කරපු ආයතන සම්බන්ධයෙන් සහ ඖෂධ පාවිච්චි කරපු රෝගීන් ගැන සම්පූර්ණ වාර්තාවක් ලබාගෙන තියෙනවා.”

මෙම පරීක්ෂණයෙන් අනතුරුව සකසන ලද වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදීමට නියමිත ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *