දුම්රියේ මහාපරිමාණ ඩීසල් වංචාවක්

මාලිගාවත්ත ප්‍රධාන දුම්රිය අංගනයේ සිදුවන බව කියන මහා පරිමාණ ඉන්ධන වංචාවක් සිදුවන බවට ලද තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා ඇත.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සුඛෝපභෝගී දුම්රිය මැදිරිවල වායු සමීකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා සවිකර තිබෙන ඉන්ධන ටැංකිවල මුද්‍රා කඩා රාත්‍රී කාලයේ දී ඉන්ධන ජාවාරමක් සිදුවන බව අමාත්‍යවරයාගේ පැමිණිල්ලේ සඳහන් වෙයි .

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මාලිගාවත්ත දුම්රිය අංගනය වෙත ගොස් සිදුකළ මුලික විමර්ශනවලදී වායු සමීකරණ දුම්රිය මැදිරිවල ඉන්ධන සපයන ටැංකිවල මුද්‍රා කඩා ඉන්ධන සොරා ගැනීමට අමතරව දුම්රියන්වලට ඉන්ධන සැපයීමේ දී ප්‍රධාන මීටරය හරහා සිදුකරන අක්‍රමකතාවක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය කරගෙන ඇත. වැඩි දුර පරීක්සණ ක්‍රියාත්මක වෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *