මෙරට නිෂ්පාදනය කරන ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ පියවර ගනිමින් තිබෙනා බව වාර්තා වේ .
රජයේ රෝහල් කිහිපයක භාවිත කරන ඇස්ප්‍රින් ඖෂධයේ සාම්පල කිහිපයක් පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පරික්ෂාවට කරනු ලැබූ අතර එහිදී එම ඖෂධ කාණ්ඩ 02 ක නිසි ප්‍රමිතියෙන් තොර බව තහවුරු වීම නිසා මෙම තීරණය ගත්බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවයි
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශවලට අනුව වෛද්‍ය සැපයුම් අංශය විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වෙයි . එම කාණ්ඩ 02 රෝහල්වල භාවිතයෙන් ඉවත්කළද ඇස්ප්‍රින් ඖෂධයේ හිඟයක් රෝහල් තුළ නොමැති බව වාර්තා වෙයි .