සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් යෙදීම අද (20) දිනයේ ආරම්භ කිරීම නියමිතව ඇත.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී , එය සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පසුගියදා මෙම විශ්වාසභංග යෝජනාවට අනුමැතිය ලබා දී ඇත.