ත්‍රිපිටකයත් අන්තර්ජාලයට

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව අන්තර්ජාලයට මුදාහැරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.

ත්‍රිපිටකය ඉංග්‍රීසි අකුරෙන් ලියා අන්තර්ජාලයට මුදා හැරීමටත්, පසුව මුද්‍රණය කිරීමටත් ඉදිරියේ දී කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කළේය.

ත්‍රිපිටකය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අධ්‍යයනය කිරීම සඳහා උනන්දුවක් දක්වන ගිහි පැවිදි සියලු පාර්ශවයන් වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා හා අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මෙම කාර්යය සිදුකිරීමට නියමිතය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *