සිවුරු පොරවා මහණ කළ පණු කරඳ ගස චීන ජාතිකයන් ගලවා ඉවත් කරයි.

මධ්‍යම අධිවේග මාර්ගය ඉදිවෙන බිමේ තිබූ රතු දත්ත පොතේ දැඩි තර්ජිත ශකයක් ලෙස ලයිස්තුගතව තිබූ පණු කරඳ නොහොත් කෲඩියා සිලනිකා ශාකය කිසියම් පිරිසක් විසින් ඊයේ පස්වරුවේ ගලවා ඉවත්කර ඇත.

මෙම ගස එම ස්ථනයේම තබා ආරක්ෂා කරගනු වස් භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් ගසට සිවුරු පොරවා මහණ කරනා ලදි. එහෙත් චීන ජාතිකයන් ඇතුළු කිහිප දෙනෙක්, බැකෝ යන්ත්‍ර දෙකක් යොදාගෙන මෙම ගස විනාඩි දහයක් තුළ ඉවත් කරනා ලද බව ප්‍රදේශ වාසීහු පවසති . වසර සියගණනක් පැරණි එම ශාකය ගලවා ඉවත්කර බැකෝ යන්ත්‍ර රැගෙන පැමිණි ලොරියේම පටවාගෙන රැගෙන ගිය බව සිද්ධිය දුටුවෝ පවසති.

මෙම ගස ලෝකයේ ඉතිරිව තිබූ එකම කෲඩියා සිලනිකා ශාකය ලෙස කලකට පෙර හැඳුන්වුවද තවත් ශාක කිහිපයක් ස්ථාන කිහිපයකින් වාර්තා වී ඇතිබව පසු කලක වාර්තා විය. මෙම ශාකය ඉවත් නොකර අධිවේග මග සකස් කරන්නේනම් ඊට විශාල පිරිවැයක් වැයවෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසා තිබුනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *