කැටගොඩගේ යෝජනාවට එරෙහිව ෆැපරල් උසාවි යයි.

විසුරවා හැර තිබෙන පළාත් පාළන ආයතන යළි කැඳවීමට විෂය බාර අමාත්‍යවරයාට බලය පවරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ගෙන ආ පෞද්ගලික මන්ත්‍රි යෝජනාවට එරෙහිව අද අධිකරණයට කරුණු වාර්තා කරනා බව ෆැපරල් සංවිධානය පවසයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රොහණ හෙට්ටිආරච්චි පවසනුයෙ මෙම යෝජනාව සම්මත වුවහොත් එය ඉතා නරක පූර්වාදර්ශයක් වනු ඇති බවයි. එය සම්මත වුවහොත් ඉදිරියේදී වෙනත් මැතිවරණ සඳහාත් මෙම න්‍යායම භාවිත කිරීමට ඉඩ ඇතිබවත් ඔහු පවසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *