ජනාධිපතිවරණයට අදාළව මේ වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සියයට 97ක් පමණ අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
නියෝජ්‍ය තැපැල්පතිවරයා පවසන්නේ පසුගිය 3වැනිදා ආරම්භ කළ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පසුගිය 14 වනදායින් අවසන් වූ බවයි.
කෙසේවෙතත් මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයෙක් සිටීනම් හෙට (18) සිට මැතිවරණ දිනය තෙක් තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගත හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.