9 වැනි වසරේ සිසුවියන් තිදෙනකු අතුරුදන්

ගම්පහ යක්කල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගිවීමට ගිය 14 හැවිරිදි සිසුවියන් තිදෙනකු අතුරුදන් බවට සිසුවියන්ගේ මවුවරුන් පොලිස් ස්ථාන දෙකකට පැමිණිලි කර ඇතැයි වාර්තා වනවා.

අතුරුදන් සිසුවියන් තිදෙනා ගම්පහ යක්කල ප්‍රදේශයේ පාසලක 9 වැනි වසරේ ඉගෙනුම ලබන මිතුරියන් බවත් ඔවුන් තිදෙනා ගැන කිසිදු තොරතුරක් දැන ගැනීමට නොලැබුණු බවත් එම වාර්තා මගින් සඳහන් වුණා.