8 වෙනි මහළින් බිමට වැටුන චීන ජාතිකයා මරුට.

කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙසේ, ඉදිකරමින් පවතින නිවාස සංකීර්ණයක 8 වැනි මහලින් වැටුන චීන ජාතිකයෙකු එහිදී ලද තුවාල වලින් මියගොස් ඇතිබව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.

එම ඉදිකිරීමේ සහකාර ඉංජිනේරුවෙකු වශයෙන් කටයුතු කළ මෙම චීන ජාතිකයා ඊයේ සවස් වරුවේ මෙම අනතුරට මුහුණදී ඇත. ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලේ කටයුතු නිරීක්ෂණය කරමින් සිටිනා විටදී ඔහු මෙම අනතුරට මුහුණදී ඇත.

බරපතල තුවාල ලද ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් තිබූ බව රෝහල් ආ‍රංචි මාර්ග පවසයි.

I

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *