වොෂින්ටන් විහාරාධිපති ,උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහරගම ධම්මසිරි නාහිමිගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙන් 2024 අගෝස්තු මස 25 වැනිදා ජන්ම දින සැමරුම ගිහි පැවිදි විශාල පිරිසකගේ ආශීර්වාදයෙන් ගෙටර්ස්බර්ග් භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
අමෙරිකාව හා රටවල් කිහිපයක නාහිමිවරු සහ වොෂින්ටන් ඩී සී, මේරිලන්ඩ්, වර්ජිනියා ඇතුළු ජනතාවත් මේ සඳහා එක්වීමට නියමිතව තිබෙනවා.
අමෙරිකාව සෙනෙට් හා කොංග්රස් මණ්ඩල නියෝජිතයන්, මේරිලන්ඩ් ආණ්ඩුකාර කාර්යාලය හා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද පුණ්‍යෝත්සවයට එක්වනවා.
මඩිහේ මහනාහිමි විසින් එකතු කළ මුදලක් හා එවකට අගමැති ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ පරිත්‍යාග තුළින් අමෙරිකාවේ පළමු ථේරවාදී පන්සල ලෙස වොෂින්ටන් විහාරය 1967 වසරේදී ආරම්භ කර තිබෙනවා.
පන්සලට අදාළ ව්‍යවස්ථාව තුළ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති දායක සභාවේ ප්‍රධාන අනුශාසක ලෙස නිළ බලයෙන් පත්වනවා.
1949 වසරේදී ගුණදාස පීරිස් ලෙස මහරගම දී ජන්ම ලාභය ලබා පාසල් අධ්‍යාපනයෙන් පසු පරමවිඥාණායතනයේදී අධ්‍යාපනය ලබා 1960 වසරේදී මඩිහේ පඤ්ඤාසීහ හා අම්පිටියේ රාහුල නාහිමිවරුන්ගේ ශිෂ්‍යයෙකු ලෙස ධම්මසිරි නාහිමි පැවිදි වනවා.
උසස් අධ්‍යාපනයෙන් පසු 1971 වසරේදී උපසම්පදාව ලබා අනතුරුව මහරගම ධර්මායතනයේ කථිකාචාර්ය හා ගුරු අභ්‍යාස විදුහලේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද උන්වහන්සේ කටයුතු කර තිබෙනවා.
1987 දී වොෂින්ටන් වෙත වැඩම කොට වසරක් තුළ විහාරාධිපති ධුරයට පත් නාහිමි බුදු දහම හා එම ඉගැන්වීමි ඇමෙරිකාව තුළ ප්‍රචලිත කිරීමට පෙරමුණ ගත්තා.
අමෙරිකාවේ වසර 37 ක් ඇතුළු ජීවිතයෙන් වසර 65 ක් පුරා ධම්මසිරි නාහිමි කල ආගමික හා සමාජ මෙහෙය පැසසුමට ලක්වනවා.
උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක හා ශ්‍රී ධර්ම රක්ෂිත වංශදිවාජ ගෞරව නාම අමරපුර නිකායෙන් පිදුම් ලැබුවේද ඉටුකල සේවය හේතුවෙනි.
2021 සිට තානාපති ලෙස මා රාජකාරි කරන සමය තුළ නාහිමිගේ ඇසුර, අනුශාසනා හා මග පෙන්වීම මහත් රුකුලක් වුණා.
නාහිමි තුළ බුදුදහමට ඇති කැපවීම,උත්සාහය, පරාර්ථකාමය සමාජයට මහත් ආදර්ශයකි.
ධම්මසිරි නාහිමිට සෞඛ්‍ය සම්පන්න තිරජීවණය පතන්නෙමු.