වයස අවුරුදු 75ක් වුව ද රාජ්‍ය සේවයේ නිරත විය හැකි බවත් ව්‍යවස්ථාවෙන් ඒ සඳහා ඉඩකඩ සලසා ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.
පොලිස්පතිවරයාට සේවා දිගු දෙකක් ලබාදී වයස අවුරුදු 60 දී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමේ රජයේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.
ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සිටියදී සී.ඩී.වික්‍රමරත්න නිල කාලය අවසන් වූ පසුවත් එම තනතුරේ රඳවා ගත්තේ මන්දැයි මාධ්‍යවේදියකු විමසූ විට මන්ත්‍රීවරයා පිළිතුරු දුන්නේ වසර පහක් සේවයෙන් බැහැරව සිටි නිලධාරියකු පොලිස් පරීක්ෂකවරයා ලෙස පත් කළ බවයි.