විදේශ ගත වන ගෘහස්ත ගෘහ පාලන සහකාරවරියන් පුහුණු කරන ලංකාවේ ප්‍රමුඛයා International Vocational Training College සිය දෙවැනි සංවත්සරය උත්කර්ශවත් අයුරින් සමරයි
ගෘහස්ත ගෘහ පාලන සහකාරවරියන් ලෙස විදේශගත වන ශ්‍රමිකයින් පුහුණු කරන ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන International Vocational Training College හි දෙවැනි සංවත්සර උත්සවය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු) සජිත් චාමින්ද මහතාගේ සහ බලපත්‍රලාභි විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්විණි.
වසර දෙකක කාලයක් තිස්සේ ගෘහස්ත ගෘහ පාලන සහකාරවරියන් ලෙස විදේශ ගත වන කාන්තා ශ්‍රමිකයින් පුහුණු කරවන ප්‍රමුඛතම ආයතනය වන International Vocational Training College මගින් මේ වන විට ශ්‍රමිකයින් පන්දහසකට වඩා වැඩි පිරිසක් පුහුණු කර NVQ සහතික ලබාදී තිබේ. පුහුණු ශ්‍රමිකයින් විදේශ ගත කිරීම සදහා දැක්වූ දායක්වය මෙහිදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමන්ගේ අගය කිරීමට ලක්විය.
සංවත්සර උත්සයට සහභාගී වූ විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන් අතරින් කුසපත් ඇදීමෙන් ජයග්‍රාහයකයින් හත් දෙනෙක් තෝරාගෙන ඔවුන් හරහා විදේශ ගත වන ශ්‍රමිකයින්ට නොමිලේ පුහුණුව ලබාදීමට අවශ්‍ය පියවරද මෙහිදී ගනු ලැබුවේය.
විදේශ රැකියා ක්ෂේත්‍රයේ උනන්තිය උදෙසා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මැතිතුමා කරනු ලබන මෙහෙවර අගය කරමින්, International Vocational Training College හි අධ්‍යක්ෂ චන්දන ජයසුන්දර මහතා විසින් විශේෂ සමරුවක් සභාපතිතුමන් වෙත පිළිගැන්වූවේය.
International Vocational Training College හි පුහුණුව ලබාදෙන ආචාර්යවරියන් සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමන් අතින් විශේෂ ඇගයීම් සහතික පිරිනැමීමද මෙහිදී සිදුවිය.

