පාසල් සිසුවියක්ව පැහැරගෙන ගොස් සිටියදී පොලිස් භාරයට ගත් තරුණයා පොලිසියට තොරතුරු රැසක් හෙළිකර තිබෙනවා.
වසර දෙකකට වැඩි කාලයක් තමන් ජපානයේ රැකියාව කළ බවත් එහිදී උපයාගත් මුදල් සිය මාමාට ලබාදුන් බවත් එම මුදල් නැවත ලබානොදීම හේතුවෙන් මෙය සිදුකිරීමට පෙළඹුන බවත් ඔහු පවසා තිබෙනවා.
සැකකරු ඔහුගේ මාමාගේ දියණියව මෙලෙස පැහැරගෙන ගොස් තිබුණා.