සප්ත කන්‍යා අනතුරට වසර 50යි – එවරස්ට් නැගපු යොහාන් පීරිස් සප්ත කන්‍යා කන්ද නගින්න හදයි

සප්ත කන්‍යා කදුවැටියේ ගැටී ගුවන් අනතුරක් සිදුවී වසර පනහක් පසුගිය සතියට සම්පූර්ණ වූ අතර එම කදු මුදුන් හතම තරණය කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුක පෙල කඳු තරනය කරන්නෙකු වූ යොහාන් පිරීස් සූදානම් වෙයි.

එවරස්ට් කන්ද තරණය කල පලමු ශ්‍රී ලාංකික පුරුෂයා වන්නේ ඔහුයි.

සප්තමහා කඳු මුදුන් හතෙන් කඳු 4ක් සාර්ථකව තරනය කිරීමට ඔහු සමත්ව තිබේ. මෙහි අවසාන කඳු මුදුන් 3 තරණය කිරීම 2025 පළමු භාගයේදී සැලසුම් කර තිබේ.

2018දී එවරස්ට් තරණය කල යොහාන් එම අභියෝගය ජයගත් දෙවන ශ්‍රී ලාංකිකයා ඔහුයි.

එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකික පුරුෂයා සහ ප්‍රමුඛ පෙළේ කඳු තරණය කරන්නෙකු වන යොහාන් පීරිස්, මහද්වීප හතෙන් ඉහළම කඳු මුදුන් වන “සප්ත මහා කඳු මුදුන්” ජය ගැනීමේ ඓතිහාසික කාර්යයක නිරත වී සිටී. කඳු මුදුන් හතෙන් හතරක් සාර්ථකව තරණය කිරීමෙන් පසු, යොහාන් එකින් එක තරණය කරමින් පැමිණි සාර්ථක ගවේෂණ මාලාවක අවසාන තුනට 2025 පළමු භාගයේදී සැලසුම් කර ඇති පරිදි මුහුණ දෙනු ඇත.

2018 දී එවරස්ට් තරණය කළ යොහාන් පීරිස් එම අභියෝගය ජයගත් දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසගත වූ අතර එය ශ්‍රී ලාංකේය කඳු මුදුන් තරණය කිරීමේ උරුමය තුළ ඔහුගේ ස්ථානය තහවුරු කළ දැවැන්ත ජයග්‍රහණයක් බවට පත්විය. යුරෝපයේ එල්ලස් කන්ද, අප්‍රිකාවේ කිලිමන්ජාරෝ කන්ද සහ ඕසට්‍රේලියාවේ කොස් කියුස්කෝ කඳු මුදුන් තරණය කරමින් ඔහුගේ ජයග්‍රාහී ගමන අඛණ්ඩව පවත්වා ගැනීමට සමත් විය. වින්සන් කන්ද (ඇන්ටාක්ටිකාව), ඇකොන්කාගුවා කන්ද (දකුණු ඇමරිකාව) සහ ඩෙනාලි කන්ද (උතුරු ඇමරිකාව) යන අවසන් කඳු මුදුන් ත්‍රිත්වය තරණය කර තම අරමුණ ජය ගැනීමේ දැඩි අධිෂ්ඨානයකින් සිටින යොහාන් මෙම ඇදහිය නොහැකි දක්ෂතාවය පෙන්වූ පළමු ශ්‍රී ලාංකිකයා සහ ලොව සිටින දූපත් වාසින් කිහිප දෙනාගෙන් කෙනෙකි.

කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මෙතෙක් සප්ත මහා කඳු මුදුන් තරණය කිරීමේ අභියෝගය ජයගෙන නොමැති අතර, ලොව පුරා එම දක්ෂතාවය පෙන්වූ පුද්ගලයන් සිටින්නේද 350 දෙනෙකු පමණි. යොහාන්ගේ මෙම අසමසම ජයග්‍රහණය හඹා යාම සෑම මහාද්වීපයකම ඉහළම ස්ථානයට ශ්‍රී ලංකා ධජය රැගෙන යනු ඇති අතර ගෝලීය අවකාශය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මෙන්ම විශාල අරමුණු ඇතිකර ගැනීමට සහ ඉහළ ඉලක්කයන් හඹායාමට අනාගත ශ්‍රී ලාංකික පරම්පරාව තුළ පෙළඹවීමක් ඇති කරනු ඇත.

මෙම අභියෝගය යොහාන්ගේ පුද්ගලික අරමුණකට වඩා ශ්‍රී ලාංකීය ජාතියේම සන්ධිස්ථානයකි. ඔහුගේ උත්සාහයන් ශ්‍රී ලාංකික ජනතාවගේ ධෛර්යය, ඔරොත්තු දීමේ හැකියාව සහ ජීව ගුණය නියෝජනය කරයි. කඳු මුදුන් හතම තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස යොහාන්ගේ සාර්ථකත්වය ගෝලීය කඳු නැගීමේ ප්‍රජාව තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නංවනු ඇති අතර දිවයින පුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින කඳු නැගීමේ ක්‍රීඩාව හා සම්බන්ධ වීම සඳහා ගණනය කළ නොහැකි තරම් පුද්ගලයින් ප්‍රමාණයක් පොළඹවනු ඇත.

” මෙම චාරිකාව ලෝකයේ උසම කඳු මුදුන් කරා ළඟා වීම පමණක් නොව, එය ශ්‍රී ලංකාවේ ශක්තිය සහ ජීවය ප්‍රදර්ශනය කිරීමක්,” යනුවෙන් පැවසූ යොහාන් පීරිස් ” සෑම ශ්‍රී ලාංකිකයෙකුටම තමන් ගැන විශ්වාස කිරීම, අභියෝග බාරගැනීම සහ කෙතරම් විශාල ලෙස පෙනුනත් තම සිහින සැබෑ කරගැනීම වෙනුවෙන් ඔවුන් දිරිමත් කිරීම මට අවශ්‍යයයි.” යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

එවැනි අභිලාෂාකාමී ගවේෂණයක් සඳහා සැලකිය යුතු පිරිවැයක් දැරිය යුතු වූ නමුත් යොහාන්ගේ කර්තව්‍යය වෙනුවෙන් තීරණාත්මක සහයෝගයක් ලැබී තිබේ. තම නම සඳහන් කිරීමට අකමැති නෙදර්ලන්ත දානපතියෙකු වන ත්‍යාගශිලී ප්ලැටිනම් අනුග්‍රාහකයෙකු මෙම ඓතිහාසික ජයග්‍රහණය යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් ඔවුන්ගේ මූල්‍ය අනුග්‍රහය ලබාදීමට පොරොන්දු වී ඇත.

යොහාන්ගේ කඳු මුදුන් තරණය කිරීමේ ගමන් මග අභියෝග වලින් තොර වූ ගමනක් නොවීය. 2016 දී ඔහු එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට උත්සාහ කළේ ශ්‍රී ලාංකික කඳු නගින්නියක වන ජයන්ති කුරු උතුම්පාල සමඟ ය. ජයන්ති සාර්ථක වූ අතර, යොහාන්ට තාක්ෂණික දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු විය. ඒ අනුව කඳු මුදුනට මීටර් 400 ක් පමණ දුරක් තිබිය දී ආපසු හැරී ඒමට ඔහුට සිදු විය. එයින් වසර දෙකකට පසු එනම් 2018 දී යොහාන් එම අභියෝග ජය ගනිමින් සාර්ථකව එවරස්ට් කඳු මුදුනට ළඟා විය.

යොහාන්ගේ මේ ගමනේදී ඔහු කිලිමන්ජාරෝ කන්ද (2014), ඇකොන්කාගුවා කන්ද ( 2019) එල්ලස් කන්ද (2023) සහ ඩෙනාලි කන්ද ( 2023) ඇතුළු ලොව අනතුරුදායකම කඳු කිහිපයක අති දුෂ්කර තත්වයන්ද මුහුණ දී ඇත. මෙම ගවේෂණාත්මක චාරිකාවන් වලදී අයහපත් කාලගුණය, දුෂ්කර භූම්භක සනත්වයන්ට ඒවා තර්ජනයක් ඇතිවන තත්වයන්ට ඔහු මුහුණ දී ඇත. ඩෙනාලි කඳු මුදුන තරණය කිරීමේදී දරුණු කාලගුණික තත්ත්වයන් හේතුවෙන් අවසන් දිනයේදී ඔහුට ආපසු හැරී ඒමට සිදුවිය. තමන් මුහුණ දුන් පසුබෑම් වලින් අධෛර්යමත් නොවූ යොහාන් 2025 පෙබරවාරියේදී නැවතත් ඇකොන්කාගුවා තරණය කිරිමට උත්සාහ කරන අතර 2025 මැයි මාසයේදී ඩෙනාලි වෙත ආපසු යාමට සැලසුම් කරයි.
යොහාන්ගේ මෙම කැපී පෙනෙන ජයග්‍රහණයන් හුදෙක් පුද්ගලික සන්ධිස්ථානයන් පමණක් නොවේ. ඔහුගේ මෙම උත්සාහයන් ගෝලීය කඳු නැගීමේ ප්‍රජාව තුළ ශ්‍රී ලංකාවේ පැවැත්ම ඉහළ නැංවීමට උපකාරී වන අතර නව කඳු නගින්නන්ගේ පරපුරක් එම ක්‍රීඩාව සඳහා දිරිමත් කරයි. අභියෝගාත්මක සහ මිල අධික ක්‍රීඩාවක් කඳු නැගීමේ ක්‍රීඩාව සඳහා විනය, දැඩි ශාරීරික හා මානසික විඳදරා ගැනීමේ හැකියාව සහ සැලකිය යුතු පුහුණුවක් අවශ්‍ය වේ. තම ජිවිතයට පවා තර්ජනයක් වන අවස්ථා රාශියකට මුහුණ දී ඇති යොහාන් මෙම ක්‍රීඩාවේ අනතුරුදායක බව සියැසින් දැක ඇත. ඒ කෙසේ වෙතත්, ඔහුගේ ඔරොත්තු දීමේ හැකියාව සහ ඉදිරියට යාමට ඇති අධිෂ්ඨානය බිඳක්වත් අඩු වී නැත.
“කඳු නැගීම දුරු වල හදවත් ඇති අයට නොවේ. එයට විශාල අවධානයක්, පුහුණුවක් සහ ශාරීරික හා මානසික දුෂ්කරතා විඳ දරා ගැනීමේ හැකියාවක් අවශ්‍ය වේ,” යන්න යොහාන් පිළිඹිබු කර ඇත. ” නමුත් එහි ප්‍රතිලාභයන් අතිවිශාලයි. කඳු මුදුණකදී වේවා තම ජීවිතයේ වේවා, තමන්ගේම අභියෝගයන්ට මුහුණ දීම සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් උත්තේජනය කිරීම තමයි මට අවශ්‍යය. ‘
යොහාන් පීරිස්
යොහාන් පීරිස් යනු සුප්‍රසිද්ධ කඳු නගින්නෙකු, ව්‍යාපාරිකයෙකු සහ මෝස්තර ශිල්පියෙකු වන අතර, ශ්‍රී ලංකාවේ Cutting Station කොණ්ඩා සැකසුම් ජාලයේ හිමිකරු ද වේ. රූපලාවන්‍යාගාර පහකින් සමන්විත Cutting Station කොණ්ඩා සැකසුම් ජාලය ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වී ඇත. ඔහුගේ කඳු මුදුන් තරණය කිරීමේ දිවිය 2014 වසරේ දී කිලිමන්ජාරෝ කඳු මුදුනට ළඟා වීමත් සමඟ ආරම්භ වූ අතර එතැන් සිට ඔහු ලෝකයේ දුෂ්කරම කඳු මුදුන් කිහිපයක් සාර්ථකව තරණය කර ඇත. යොහාන් දැනට නිරත වී සිටින සප්ත මහා කඳු මුදුන් තරණය කිරීමේ අභියෝගය ගෝලීය අවකාශය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ඔහුගේ ඇති ආශාව, නොපසුබට උත්සාහය සහ කැපවීම පිළිබඳ හොඳම සාක්ෂියකි.