නිලධාරීන් බෑ කියද්දීත් විදුලි ගාස්තු අඩුකිරීමට ඇමති සහතික වේ

මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කළ සියයට 20 ක විදුලි ගාස්තු අඩුවීම ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (18) පස්වරුවේ නිල වශයෙන් පැවසීය.

විදුලි ගාස්තු නියාමනය කිරීම සඳහා රජය පත්කර ඇති මහජන උපයෝගීතා කොමිසම ඊයේ (17) නිර්දේශ කළ පරිදි සාමාන්‍ය පාරිභෝගිකයන්ට, හෝටල් අංශයට සහ කර්මාන්ත ඇතුළු සියලුම අංශවලට සහනයක් ලැබෙන පරිදි ක්‍රියාත්මක කරන බවත් එම විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදී රජයක් ලෙස අපහසුතාවන්වලට පත්වුවද එම සියයට 20 ක විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.