ඉරිදාටත් විදුලිය කප්පාදු කිරීමේ අවදානමක්

ඉරිදාටත් විදුලිය කප්පාදු කිරීමේ අවදානමක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.

පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසුවේය

සෝලා එකේ නිෂ්පාදනයට අනුව ඩිමාන්ඩ් එක තිබුණේ නැතොත්, කර්මාන්ත ක්‍රීයාත්මක නොවුනොතේ විදුලිය බිද වැටීමේ අවදානමක් තිබෙනවා. මේ විදුලි බිදවැටීමට හේතුව, එයට ගන්නා ක්‍රියාමාර්ගය මොනවාද?

ඉරිදාට කර්මාන්ත ශාලා අලුතින් විවෘත කරලා අස්ථාවරභාවයක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමට ගෙන ඇති පියවර මොනවාද? රිලව් නිසා මේක වුනා කියන එක උත්තරයක් නෙමෙයි

ගයන්ත කරුණාතිලක – විදුලි බල ඇමැතිවරයාට මේ ගැන පැහැදිළි කිරීමක් කරන්න කියන්න

රංජිත් මද්දුමබණ්ඩාර – ළමුන්ගේ විභාගය තියෙනවා. විදුලි බල ඇමැතිතුමාට ප්‍රකාශක් කරන්න කියන්න.

විපක්ෂ නායක – විදුලි බල ඇමැති සභාවේ ඉන්න අවස්ථාවේදී බැටරි ස්ටෝරේජ් සිස්ටම් ලබාගැනීමට වැඩපිලිවෙලක් තියෙනවාද? පම්ප් ස්ටොරේජ් පවර් ප්ලාන්ට් එක ස්ථාපනය කරන්න වැඩ කටයුතු යොදා තිබෙනවාද? විදුලිය ඇන හිටීම කොයි මෙහොතේ හෝ සිදුවේවි. මේ සති අන්තයේදීත් විදුලි කප්පාදුවක් සිදුවෙනවාද?

සභානායක – ඇමැතිතුමා හෝ විදුලි බල මණ්ඩලය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරාවි යැයි විශ්වාස කරනවා

මෙසේ කියමින් සභානායකවරයා පාර්ලිමේනතුව කල් තැබිමේ යෝජනාව සම්මත කරගත් අතර විදුලි බල ඇමැතිවරයාගේ ප්‍රකාශයකින් තොරව පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් විය.