ජොන්ස්ටන් රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කර තිබෙනවා.

BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සැකකටයුතු ලෙස නවතා තැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.