ඡන්ද ලකුණ ප්‍රදර්ශනය කරමින් පෙළපාලියක් පැවැත්වූ පුද්ගලයින් 6ක් අත්අඩංගුවට

ස්වාධීන ජනාධිපතිඅපේක්ෂකයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ප්‍රදර්ශනය කරමින් පෙළපාලියක් පවත්වමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු ඊයේ (08) පුදුකුඩිඉරිප්පු පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එය නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරණයක් බව පවසමින්.

මේ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිති බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු 100කට ආසන්න පාක්ෂිකයින් පිරිසක් ඊයේ දඹුල්ල නගරයේ අත්පත්‍රිකා බෙදීමක නිරතව සිට තිබුණා.

පසුව එය මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බව පවසමින් පොලීසිය එය අත්හිටුවීමට කටයුතු කළ අතර පසුව අදාළ පිරිස විසිර ගියා.