6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය ක්‍රියාත්මක කිරීම 2027 දක්වා කල් දමයි

දැනට ආරම්භ කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ 6 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය යළි සමාලෝචනයට කිරීමටත්, එය ක්‍රියාත්මක කිරීම 2027 තෙක් කල් දැමීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කරනාලද බව කැබිනට් ප්‍රකාශය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය .

ඔහු මේ බව පැවසූවේ අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි .

කෙසේවෙතත් පළමු ශ්‍රේණියට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පෙර සැලසුම් කළ පරිදි මේ වසරේ සිට ක්‍රියාත්මක වන බව ඔහු වැඩි දුරටත් පැවසීය .

ප්‍රශ්නගත 6 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනය විසින් සිදුකළ විමර්ශන වාර්තාවන් අධ්‍යනය කිරීමෙන් පසු ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩි දුරටත් පැවසීය .