රුපියල් කෝටි ගණනක් වටිනා වාහන දෙකක් නීති විරෝධී ආකාරයෙන් තබා ගෙන සිටි බව කියන මහනුවර ප්රදේශයේ වාහන අලෙවි ආයතනයක හිමිකරුවකුට රටින් පිටවීම තහනම් කරමින් මහනුවර මහේස්ත්රාත් වාසනා නවරත්න මහත්මිය තහනම් නියෝගයක් නිකුත් කළා.
විදේශ ගමන් වළකාලමින් මෙලෙස තහනම් නියෝගයක් නිකුත් කර ඇත්තේ මහනුවර ප්රදේශයේ වාහන අලෙවි ආයතනයක හිමිකරුවකු බව කියන දොන් ඉසුරු ප්රදීප් සද්ධාතිස්ස සේරම් නමැත්තකුටය.
සිද්ධියට අදාළ විමර්ශන අධිකරණයට වාර්තා කළ මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා මහනුවර අනිවත්ත වටරවුම් පාරේ නිවසක ගරාජයක් තුළ සැකකටයුතු වාහන දෙකක් ගාල් කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව කළ විමර්ශනයේදී පසුගිය ඔක්තෝබර් 20 වැනිදා කළ වැටලීමකදී නිවසේ ගරාජයේ සැක කටයුතු සඟවා තිබියදී බී.එම්.ඩබ්ලිව්. රේසිං වර්ගයේ නවීන මෝටර් රථයක් සහ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයක් සොයා ගත් බව දැනුම් දුන්නේය.
අදාළ මෝටර් රථ රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය මෙරට එකලස් කරන ලද වාහනයක් බවටද මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයේ චැසි අංකය සූරා දමා ඇති බවටද රජයේ රස පරීක්ෂකවරයා වාර්තා කොට ඇතැයි දැනුම් දුන් තිලක් සමරනායක මහතා අදාළ ජීප් රථය රජයට අයත් හෝ සොරකම් කළ එකක් බවට පොලිසිය සැකයක් මතුව ඇතැයිද දැනුම් දුන්නේය.