සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සොයන්න තිරණයක..හිටපු මහාධිකරණ විනිසුරු සමග කමිටුවක්

2017 වසරේ සිට 2020 වසර දක්වා කාලසීමාව තුළ ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මූල්‍ය සහාය ලබා දීමේදී සිදුව ඇති බවට කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

මෙම කමිටුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී.එම්.ඩබ්ලිව්. ප්‍රදීප් ජයතිලකගේ සභාපතිත්වයෙන් යුක්තවයි පත් කර තිබෙන්නේ .