හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන ආරක්ෂාව හැට දෙනෙක්ට අඩු කිරීමට පියවර ගෙන ඇත.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලැබුණ වාර්තාව මත පදනම්ව මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව තමන්ට අවශ්‍ය ආරක්ෂක නිලධාරීන් හැට දෙනෙක් තෝරා ගන්නා ලෙස පොලිස් මූලස්ථානය අදාල හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක ප්‍රධානීන්ට දැනුම්දී ඇත.
මේ අනුව හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ හට ලැබෙන උපරිම ආරක්ෂකයන් ගණන 60 කි. එම ආරක්ෂකයන් සේවා මුර ක්‍රමයකට අනුව දිනකට විසි දෙනකු බැගින් යොදවන ලෙසටද උපදෙස් ලැබී ඇතැයි වාර්තා වේ.