ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරවාරයේදී අත්සන් කරනු ලැබූ ගිවිසුම් පිළිබද තොරතුරු අදාල අමාත්‍යාංශවලින් විමසන ලෙසට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය දැනුම්දී තිබේ.
ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරවාරයේදී අත්සන් කරනු ලැබූ ගිවිසුම් පිළිබද තොරතුරු ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා නිව්ස් විදේශ කටයුතු අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරියාගෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කරනු ලැබුවේය.
එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ අදලා තොරතුරු අදාල අමාත්‍යාංශවලින් ලබාගන්නා ලෙසය.
කෙසේ වෙතත් මෙම ගිවිසුම්වල පිටපත් ලේඛනගතව අමාත්‍යාංශය සතුව පවත්වාගෙන යන්නේද පිළිබදව ශ්‍රී ලංකා නිව්ස් විමසා ඇති අතර එයට අමාත්‍යාංශයෙන් නිශ්චිත පිළිතුරක් ලබාදී නැත. එසේ නිශ්චිත පිළිතුරක් ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිව්ස්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ නම් කළ නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරවාරයේදී අත්සන් කරනු ලැබූ ගිවිසුම් සම්බන්ධයෙන් වන තොරතුරු, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම් කරන ලෙසට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළ අතර ඒ අනුව මෙම තොරතුරු දැනගැනීමේ ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි.
