ඉන්දියාව හා ලංකාව අතර ගොඩබිම් පාලමක අවශ්‍යතාවය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළිත් අවධාරණය කළේය.
පාත්ෆයින්ඩර් පදනම චිසින් සංවිධානය කළ පස්වැනි බෙංගාල බොක්ක සංවාදය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ වූ අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපතිවරයා සහභාගී වුනේය
කලාපයේ සමුද්‍රීය කටයුතු සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් වන මෙම සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ සදහන් කළේ තමන් කිසිදු ආයතනකට හෝ සංවිධානයකට අයත් නොවන ස්වාධීන පුද්ගලයෙක් ලෙස මෙම අවස්ථාවට එක්වන බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද සදහන් කළේය.
අපේ කලාපය ගත් විට 2050 වන විට ඉන්දියාව දෙවැනි විශාලම ආර්ථිකය බවට පත්වේවි. ඇත්තටම එය වර්ධනයේ පදනමක් බවට පත්වේවි. ඉන්දුනීසියාව බොහෝ දුරට හතර වැනි හෝ පස්වැනි ආර්ථිකය බවට පත්වේවි. පළමු රටවල් තිහට බංගලාදේශය, මැරලේසියාව, තායිලන්තය සහ වියට්නාමය ඇතුළත් වේවි.
අපි මේ මගින් ප්‍රයෝජනයක් ගන්නවාද කියලා තීරණය කළ යුතුයි. බෙංගාල බොක්ක කලාපයේ සම්මුතියකින් එය කළ හැකි වේවි.
වඩාත්ම වැදගත් ප්‍රදේශය වන්නේ ඉන්දීය උප මහාද්වීප කලාපයේ දකුණු කෙළවරේ පිහිටි ලංකාවයි. තෙලාගානා, අන්ද්‍රා, තමිල්නාඩු, සහ ලංකාව තමයි ආර්ථික කොරිඩෝව වන්නේ. එයයි වැදගත් වන්නේ කලාපයේ අන්තර් සම්බන්ධතාවය සදහා.
ලංකාවේ වරාය ඉන්දියානු උප මහාද්වීපයේ දකුණු කෙළවර සමග සම්බන්ධයි. එය වේගයෙන් දියුණු වන කලාපයක්. එමගින් ශ්‍රී ලංකාවට ඇගලුම් ආර්ථියයෙන් ඔබ්බට ගොස් කලාපීය සේවා සැපයීමේ මධ්‍යස්ථානයක් බවට පත්වීමේ අවස්ථාව උදාවෙනවා. ඒ සදහා පළමුවෙන්ම ගොඩබිම් පාලමක් අවශ්‍ය වෙනවා.