53කට දිවි අහිමි කළ මියන්මාර ගුවන් ප්‍රහාරය.

මියන්මාර හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් තිබේන බවත් ඒ අතර කාන්තාවන් 15 දෙනෙකු ඇතුළු කුඩා ළමුන් පිරිසක්ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හමුදා පාලනයට විරුද්ධ වූ වයඹ දිග සැගේන් කලාපයේ ගම්මානයකට මෙම ප්‍රහාර එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ 2021 වසරේ පෙබරවාරි මස බලය අල්ලා ගැනීමෙන් පසු හමුදා පාලනයට විරුද්ධවාදීන්ට එරෙහිව ගුවන් ප්‍රහාර වැඩි වශයෙන් යොදා ගන්නා බවය.

මෙම සිදුවීම ජාත්‍යන්තර නීති රීති නොසලකා හැරීමක් බව ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පවසා තිබේ.

සිවිල් යුද්ධය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් දහස් ගණනක් මියගොස් ඇති අතර තවත් මිලියනයකට අධික පිරිසක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *