කුරුණෑගල රිදීගම ප්රදේශයේ නාමල් රාජපක්ෂ මහතාගේ ජන හමුවක් අද පැවැත්වෙන අතර එය අසාර්ථක වී ඇති බව වාර්තා වනවා.
පස්වරු 1ට රැස්වීම ආරම්භ වීමට නියමිතව තිබුණද එය පස්වරු 3වන විටත් ආරම්භ වී නොතිබුණ බවයි වාර්තා වුණේ
ඒ වනවිට නාමල් රාජපක්ෂ මහතාද එම රැස්වීමට එක්ව සිටියේ නැහැ
එමෙන්ම ජෝන්ස්ටන් ප්රනාන්දු මන්ත්රීවරයා සමගින් දේශපාලන කටයුතු සම්බන්ධීකරණය කළ පළාත් පාලන ආයතන නියෝජිතයින් රනිල් වික්රමසිංහ මහතාට සහාය දැක්වීමට සූදානම් වන බව කුරුණෑගලින් වාර්තා වෙනවා.