හිල්සයිඩ් වත්තේ කැන්වසින් ගිය මනුෂගේ පාක්ෂිකයින්ට මාලිමාවෙන් තර්ජන – කාන්තාවකට පහරදීලා

ගාල්ල හිල්සයිඩ් වත්තේ ගෙයින් ගෙට යමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ පාක්ෂිකයින් පිරිසකට ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් තර්ජනය කර පහරදී ඇත.

මෙම පහරදීම සම්බන්ධයෙන් ගාල්ල පොලීසියේ විශේෂ මැතිවරණ පැමිණිලි ඒකකයටද පැමිණිලි කර තිබේ.

අද උදෑසන කාන්තාවන් ඇතුළු සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මනුෂ නානායක්කාරගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව ඇත. ඒ අනුව ඔවුන් සිව් දෙනා හිල්සයිඩ් වත්තේ ගෙයින් ගෙට ගොස් මැතිවරණ අත් පත්‍රිකා බෙදමින් සිටියදී මාලිමාවේ ආධාරකරුවන් පිරිසක් පැමිණ ඔවුන්ට තර්ජනය කර ඇත. එසේ තර්ජනය කළ අය අතර සිටි අයෙක්, අත් පත්‍රිකා බෙදමින් සිටි කාන්තාවකට කුඩයකින් පහරදී තර්ජනය කර ඇත.

මෙසේ තර්ජනය කළ අය මාලිමාවේ අත් පළදනා පැළදගෙන සිට ඇති බවටද පහරකෑමට ලක්වූවන් ප්‍රකාශ කර සිටී.