කොළඹ මහා නගර සභා සීමාවේ දන්සැල් පරීක්ෂාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 47ක් යොදන බව කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන්ත කුමාර මහතා පවසනවා
කණ්ඩායම් 6ක් යටතේ කොළඹ සීමාව පුරා දන්සැල් පවත්වන දිනයට පෙර දිනයේ සිට අදාළ පරීක්ෂා කිරීම් සිදුකරන බව ඒ මහතා සඳහන් කරනවා.
එමෙන්ම මේ වන විට දන්සැල් 200කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව ඔහු ප්‍රකාශ කළා.
ඒ අනුව බත් දන්සැල් 53ක්,අයිස්ක්‍රීම් දන්සැල් 52ක්,සිසිල්බීම 27ක්,මඤ්ඤොක්කා දන්සල් 15ක්,කඩල දන්සැල් 14ක්,සීනි සම්බෝල පාන් දන්සැල් 10ක් සහ අනෙකුත් දන්සැල් සුළු වශයෙන්ද ලියාපදිංචි වී ඇති බව සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරනවා.
උතුරු කොළඹ කොට්ඨාශයේ බත් දන්සැල් 30ක්ද ,අයිස්ක්‍රීම් දන්සැල් 17ක්ද ,දකුණු කොළඹ කොට්ඨාශයේ බත් දන්සැල් 23ක් සහ අයිස්ක්‍රීම් දන්සැල් 35ක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.