කතානානයක තෙල් සංස්ථාවේ කාර්මික සේවකයෙක් – හිටපු ඇමැති කතානායකගේ පැටිකිරිය හෙළි කරයි

කතානායක අශෝක රංවල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්මික නිලධාරියෙක් වශයෙන් සේවය කළ අයෙක් බවත්, ඔහුට ආචාර්ය උපාධියක් ඇති බව ස්ාථ නොවන බවත් හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඔහුගේ ආචාර්ය උපාධිය පිළිබද අදහස් දකවන හිටපු අමාත්‍යවරයා මෙසේද සදහන් කළේය.

”අද කථානායකගේ ප්‍රශ්නෙන් මොකක්ද පෙන්නලා තියෙන්නේ? කථානායකතුමා කිව්වේ ඔහුට ආචාර්ය උපාධියක් තියෙනවා කියලා වසේඩා කියලා විශ්ව විද්‍යාලයක ජපානයේ.

දැන් පෙන්නලා තියෙනවා එහෙම උපාධියක් තියා ඔහු කවදාකවත් ඒකෙ ශිෂ්‍යයෙක්වත් වෙලා ඉඳලා නැහැ කියලා. දැන් කවුද ඔහු එතකොට? ඔහු මේක කියලා නේද ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දේ ඉල්ලුවේ? ඊළඟට ඔහු මොරටු විශ්ව විද්‍යාලයේ රසායන ඉංජිනේරු විද්‍යා උපාධිධාරියෙක් කියල කිව්වා. තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයෙක් හැටියට තමයි මම ඔහු හඳුනන්නේ. නමුත් දැන් සති ගාණක් ඔහුගේ ආචාර්ය උපාධිය ඔප්පු කරන්න කාලයක් දුන්නනේ.. මොරටු විශ්ව විද්‍යාලයේ ඔහු උපාධිධාරියෙක්ද නැද්ද කියන එක වෙබ් අඩවියේ බලන්න පුළුවන්නේ. එහෙම වෙබ් අඩවියේ ඔහුගේ නමක් නැහැ. ඉතින් ඒ නිසා මේවා මේ අතේ පැළවෙන ඒවා. ප්‍රශ්නේ මේකයි.. මන්ත්‍රිවරයා රාජ්‍ය සේවකයෙක්. රාජ්‍ය සේවකයෙක් තමන්ගේ වැරදි සහතික පෙන්නලා ආවනම් මේ වෙලාවේ වැඩ තහනම් කරලා එළියට දාලා. ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීම පිළිබඳ අපරාධ නඩු පැනෙව්වට පස්සේ කීයද ගාණ? අවුරුදු හතක හිර දඬුවමක්.

නාමල් රාජපක්ෂගේ උපාධියට හිනා වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ, මර්වින් සිල්වාගේ ආචාර්ය උපාධියට හිනා වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ, චාමර සම්පත්ගේ බදුල්ලේ දෙකේ පන්තියට ගියා කියලා හිනා වෙච්ච අය දැන් මොකක්ද මේ කරන්නේ. හැම මිනිහම බොරුකාරයෝ කියලනේ කිව්වේ. හැම මිනිහම අශිෂ්ටයි කියලනේ කිව්වේ. එහෙම කියලනේ මේ අය බලයට ආවේ ශිෂ්ට සම්පන්න රජයක් ආණ්ඩුවක් හදනවා කියලා. දැන් මොකක්ද කරන්නේ මේ. චාමර සම්පත් කිව්වා අඩුගාණේ මට උගත්කමක් නැහැ. මට ඉංග්‍රීසි බැහැ. මම සාමාන්‍ය වඩේ විකුණපු මිනිහෙක් කියලා කිව්වා. ඒ අවංකකම තියෙනවද මේ රන්වලට? චාමර සම්පත් ඒ ටික කියලා තමයි බදුල්ලෙන් ඡන්දේට ආවේ. මෙයා මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? මේ චාමර සම්පත්ලට බැන්නට චාමර සම්පත්ලා දෙකේ පන්තියට ගියේ කිව්වට චාමර සම්පත්ලටත් වඩා තක්කඩි පහත් පිරිසක් නේද මේ පිරිස. මේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දේ දීපු මිනිස්සු බහුතරයක් නාගරික, උගත් මිනිස්සු. ඡන්දේ දුන්නේ ඔය හාල් පොල් ප්‍රශ්න විසඳනවා කියලා හිතලම නෙමෙයි. ශිෂ්ට සම්පන්න රටක් ඇති කරයි. බොරු නොකියයි කියලා. දැනටමත් පරක්කු වැඩියි. රන්වල ක්‍රියාවලියෙන් පෙන්නලා තියෙනවා පරණ තක්කඩිකම් ඒ විදිහටම සිද්ධ වේගෙන යන බව. මොකද හේතුව, මේ අය ඇතිවෙන්න හිනාවෙලා තියෙනවා අනිත් අයගේ දේවල්වලට. ”