වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට

බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේදී අද (24) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ අද අලුයම 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි ගිහාන් දුලාන් පෙරේරා නම් 25 හැවිරිදි තරුණයෙකි.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් නරඹා මියගිය තරුණයා ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මාර්ගයේ පා ගමනින් යමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.