මින්නේරියේදී මාරක අනතුරක් .. බස් රථයක් සහ ලොරි රථයක් ගැටේ – 26ක් රෝහලේ

කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (12) අලුයම 3ට පමණ මාදුරුඔය  සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක් ඉදිරිපසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කළේය.